එජාප ප්‍රතිසංවිධානයට ගත් තීන්දුව ප්‍රකාශයට පත් කරයි

0
538

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ලබන 30වනදාට පෙර අනිවාර්යයෙන්ම පත් කිරීමට අද (19) රැස්වූ පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය ජේසී අලවතුවල පැවසුවේ එම නිලධාරී මණ්ඩලය කවුදැයි අද තීරණය නොකළ බව ය. ලබන සතිය තුළ ඒ සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට නියමිත බවයි නියෝජ්‍ය අමාතයවරයා පවසා සිටී.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධානය පිළිබඳ සිදු කරන මෙම සාකච්ඡාව අද ආරම්භ වූයේ පස්වරු 03.30ට පමණ ය. එය පස්වරු 05.30 ට පමණ අවසන් විය. පක්ෂයේ දේශපාලන මණ්ඩලය ලබන 23වනදා යළි රැස්වීමට නියමිත ය.

මේ අතර අද පෙරවරුවේ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් මුණ ගැසුණි. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රම, අකිල විරාජ් කාරියවසම්, සජිත් පේ‍්‍රමදාස, ගයන්ත කරුණාතිලක ද එක්ව සිටියේ ය. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන හා නියේජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රවී කරුණානායක හා අශෝක් පි‍්‍රයන්තද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here