එජාප නව නායකයා තේරීමේ සටන ඉදිරියටම – පසු පෙළින් දැඩී තීරණ

0
48

Image result for UNP

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවෙන් පසුව පසුපෙළ එජාප මන්ත්‍රිවරුන් ආරම්භ කළ සටන දැන් නව මඟකට පිවිසී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන බවට ප්‍රතිඥා දුන් එජාප නායකයා උප්පරවැට්ටියක් යොදා තම අභිමතාර්ථයන් මුදුන්පත් කර ගත්තද පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමේ සටනට එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් එක්ව සිටින බව එම ආරංචි මාර්ග කියයි.

ඒ අනුව එජාපයේ නායකත්වය නිලධාරි මණ්ඩලය ඇතුළු සියලු තනතුරු සඳහා නාම යෝජනා කැඳවා පාර්ලිමේන්තු කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර ඡන්දයකින් සුදුස්සන් තෝරා ගැනීමට අදාළ පසුබිම සකසා ගැනීම පිණිස විශේෂ මහ සම්මේලනයක් කැඳවිය යුතු යැයි යෝජනාවක් මීළඟ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එම මන්ත්‍රි කණ්ඩායම තීරණය කර තිබේ.මෙම යෝජනාව නොසලකා හරින්නේ නම් එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම හා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here