එජාප දේශපාලන මණ්‌ඩලය අද 03 වැනි වරටත් රැස්‌වෙයි

0
4

එක්‌සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්‌ඩලය අද (24) පස්වරුවේ තුන්වැනි වරටත් අරලියගහ මන්දිරයේ දී රැස්‌වීමට නියමිතයි.

පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු ප්‍රධාන තනතුරු සඳහා සිදු කෙරෙන පත් කිරීම් සම්බන්ධ ව එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙන බව නියෝජ්‍ය ඇමැති ඡේ. සී. අලවතුවල පවසයි.

ඒ අනුව පක්‍ෂයේ ප්‍රධාන තනතුරු සඳහා මෙහිදී සුදුස්‌සන්ගේ නම් යෝජනා කෙරෙන බව ද එලෙස යෝජනා කෙරෙන නම් ලබන 26 වැනි දා සිරිකොත දී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කර සම්මත විය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

එලෙස සම්මතවීමෙන් පසු ව මැයි 06 වැනි දා එජාප මැයි රැලියේ දී ඒ සම්බන්ධ ව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here