ශ්‍රිලනිප කණ්ඩායමක සහායෙන් අලුත් ආණ්ඩුවක් පිහිටුවන හැටි එජාප ඇමති කියයි

0
15

Related image

ඉදිරියේදී පළාත් පාලන ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණද පැරණි මනාප ක‍්‍රමයට පවත්වන බව මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

“සියලු පක්ෂ පිළි අරං තියෙනව මේක මහ අවුලක් කියල. ඒක නිසා පළාත් සභා ඡන්දය තියන්නේ පැරණි මනාප ක්‍රමයට. ඒක ඡන්දය ඉවරවුණාම ඉවරයි. මේක ඉවරයක් නැහැ. සභාපති තෝරන්න ඡන්ද. උපසභාපති තෝරන්න ඡන්ද. මාස හයෙන් හයට සභාපතිල මාරුකරන්නයි වෙන්නේ. අවුරුදු හතරම බලය රැකගන්න පොරකයි. පළාත පාලනය කරගන්න බැරිවෙනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය.

ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉදිරියේදී විපක්ෂයේ අසුන්ගැනීමට නියමිත බවට පළවන වාර්තා පිළිබඳවද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්ණ කර සිටියේ ය. එහිදී ඔහු පැවසුවේ එය එදාට බලාගත හැකි බව ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අපට පක්ෂව සිටිනවා යැයි ද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here