එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද අගමැතිගේ ප්‍රධානත්වයෙන්

0
6

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (26) පැවැත්වීමට නියමිත ව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතයි.

මෙහි දී එක්සත් ජාතික පක්ෂයේ නව නිළධාරී මණ්ඩලය සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

අද පැවැත්වෙන කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය නම් කිරීම ඊයේ (25) එම පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් සිදුකරනු ලැබුවේ ය.

ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී දේශපාලන උපදේශන මණ්ඩලය රැස් වූ අතර එහි දී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය සඳහා නම් යෝජනා වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ විසින් නිළධාරී මණ්ඩලය නම් කිරීම සිදුකළ බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් තෝරාගෙන ඇති අතර මහලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තෝරාගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට අමාත්‍ය නවීන් දිසානායක නම් කර ඇති අතර භාණ්ඩාගාරික තනතුර සඳහා රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා නම් කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද, උප නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ද යළිත් තෝරාගෙන තිබේ.

මෙම සියලු තෝරාපත් කරගැනීම් අද දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here