බැඳුම්කර වැරදිකරුවන් එජාපයෙන් ඉවතට

0
12

බැඳුම්කර සිදුවීමේ වරදකරුවන් වන සියල්ලන්ම පක්ෂයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එහි නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කර සිටී.

කුරුණෑගල ජනහමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ පාඩු වූ බව කියන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට රජය විසින් අදාළ සමාගමෙන් රඳවා ගැනීමට කටයුතු කර ඇති බව ය.

බැඳුම්කර සිදුවීමත් සමග ඇමතිවරු ඉවත් වූයේ ද ඉවත් වන ලෙසට පක්ෂය විසින් දැනුම් දෙනු ලැබූ නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here