UPDATE : සුදුසුකම් නැති නිසා ගීතාගේ මන්ත්‍රී ධුරය අහිමි වෙයි

0
98

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීම සඳහ සුදුසුකම් නොමැති බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩගේ එකඟතාවය මත මෙම තීන්දුව ප්‍රකාශය‍ට පත් කරනු ලැබුවේ විනිසුරු ප්‍රීතී  පද්මන් සූරසේන විසිනි.

ගීතා කුමාරසිංහ මහත්මියට ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය තිබෙන හෙයින් ඇය මෙසේ ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රික්යේ  පදිංචි ඡන්දදායකයන් හතර දෙනෙකු විසිනි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ගීතා කුමාරසිංහට අමතරව ආගමන විගමන පාලකවරයා, නිදහස් සන්ධාන මහලේකම්වරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබේ

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here