එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරිමට ඇමෙරිකාව එකග වෙයි

0
8

Related imageශ්‍රී ලංකා රජය මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය ගැන ඇමරිකාව එකඟත්වය පළ කර ඇත.

ජාත්‍යන්තර මානුෂිය නීතිය යටතේ මරණ දඬුවම පැනවීම තහනම් නැති බව ඇමරිකාව කියා සිටී. මරණ දඬුවම අහෝසි කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට ඇමරිකාව එකඟ වී නොමැත. ඇමරිකාවේ ප්‍රාන්ත රැසක මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ විදුලි පුටුවේ හිඳුවා මරා දැමීම සහ විෂ එන්නත් ලබා දීමෙනුයි.

ඇමරිකානු නීතිය යටතේ වයස 18 ට අඩු අය මරා දැමීම තහනම් වේ.

ශ්‍රී ලංකා රජය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට එරෙහි වී ඇත්තේ යුරෝපා සංගමය පමණි. ඇමරිකානු රජය ඊට එරෙහි වී නොතිබිණි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමේ යෝජනාව ව්‍යර්ථ කරන ලෙස කොටි ඩයස්‌පෝරාව යුරෝපා සංගමයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here