ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත අද සිට එන්නත් කිරීම ආරම්භ කරයි

0
44

පාසල් එන්නත්කරණ වැඩසටහනක් හඳුන්වා දෙයි

කාන්තාවන්ට ඇතිවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදෙමින් දිවයිනේ සියලු පාසල්වල ඉගෙනුම ලබන ගැහැණු දරුවන්ට එන්නත් කිරීම අද (03) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත වන එච්.පී.වී එන්නත 2017 ජුලි මස සිට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට එක්වනු ඇත.

මෙය 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදූ 10 සම්පුර්ණ වූ ගැහැණු දරුවන් සඳහා පාසල් එන්නත්කරණ වැඩසටහනක් ලෙස හඳුන්වාදීමට නියමිත අතර මෙම එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදීම තුළින් අනාගතයේ දී ගැබ්ගෙල පිළිකාව මෙරටින් තුරන් කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here