‘ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම බහු ජාතික සමාගම්වල අවශ්‍යතා ඉටු කිරීමක්’ – රතන හිමි

0
3

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය ගෙන ඇති තිරණය බහුජාතික සමාගම්වල අවශ්‍යතා ඉටුකිරිමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

රජය ගෙන ඇති මෙම තිරණයට එරෙහිව ගතහැකි සියලු ක‍්‍රියාමාර්ග ගැනිමට ඉදිරියේ දි බලාපොරොත්තු වන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අදාල තිරණය සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගෙන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසිමක් කළ බවත් ඔවුන් මේ ගැන කිසිවක් නොදන්නා බවට පැවසු බවත් රතන හිමියෝ කීහ.

ගොවියාගේ සිට කැළණි ගගේන් ජළය පානය කරන සියලු දෙනාට මෙම තත්ත්වය බලපාන බැවින් රජයේ මෙම තීරණයට එරෙහිව එම සියලු ජනතාව පෙලගස්වන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here