වික්ටර්ගේ බිරිඳට දැඩි කොන්දේසි මත ඇප ලැබෙයි

0
23

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේ දී වික්ටර් රත්නායකගේ බිරිඳවන හෂිනි අමෙන්ද්‍රා රත්නායක දැඩි කොන්දේසි පනවා ඇප ලබාදීමට තංගල්ල මහෙස්ත්‍රාත් මහිල් නියෝග කර තිබේ.

තංගල්ල මහාධිකරණය විසින් කළ නියෝගයක් අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත සැකකාරියට විදේශ ගමන් වළක්වන නියෝගයක් ද මහෙස්ත්‍රාත්වරයා එහි දී පනවනු ලැබී ය.

එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් වියයුතු බවට ද එහි දී කොන්දේසියක් පැන වූ මහෙස්ත්‍රාත්වරයා ලබන 16 වැනි දා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකාරියට නියෝග කර ඇත.

එම සැකකාරිය වෙනුවෙන් ප්‍රතිශෝධන අයැදුම්පතක් ඉදිරිපත් කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල කළ කරුණු දැක්වීම් සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම සැකකාරියට ඇප ලබාදීමට තංගල්ල මහෙස්ත්‍රාත්වරයාට නියෝග කර තිබේ.

වෙනත් පාර්ශ්වයක් විසින් තමන් සේවය කළ බැංකු ආයතනයේ උකස් කර තිබූ රන් ආභරණ තොගයක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීමේ චෝදනාව යටතේ ඇය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here