(UPDATE)විජයකලා මහේෂ්වරන්ට එරෙහිව නිතී ප්‍රතිපාදන තිබෙන හැටි නීතිවේදීන් හෙළි කරයි

0
3

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව ඇතැයි නීතිවේදීන් පවසනවා.

විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ප‍්‍රධානි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතීඥ රාජා ගුණරත්න පෙන්වා දෙන්නේ “නීතියට අනුව මේ රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න ඕනේ.  මේ රටේ ඕනෑම පුරවැසියෙකුට මේ සිද්ධියට එරෙහිව පැමිණිළි කරන්න පුළුවන්කම තියෙනවා. වැඩිදුර කල්යන පරීක්ෂණ නෙමෙයි..ඉතා පැහැදිළියි මේක.

ලඝු පරීක්ෂණයකින් මේ අමාත්‍යවරියගේ ඒ අමාත්‍යධූරය අහෝසි කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම එයාගේ මන්ත්‍රි ධූරයත් අහෝසි කරන්න අවශ්‍යයි. ඇයගේ මෙම ප්‍රකාශයත් එක්ක ජනතාවගේ පරමාධිපත්‍යට අභියෝග කර තිබෙනවා. ඒ නිසා අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න මෙහි ඉතා පැහැදිළිව ඉඩකඩ තිබෙනවා. මේක රාජ්‍ය ද්‍රෝහි වරදක්. ඒ වගේ වරදකට බරපතල දඬුවම් ලැබිය යුතු වනවා” යනුවෙනි.

නීතීඥ ප‍්‍රතිභා මහානාමහේවා පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරියගේ ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය වන බවයි.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට එරෙහිව නඩු පැවරිය හැකි බවත් වසර 07කට ප‍්‍රජා අයිතිය අහෝසි කළ හැකි බවත්, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිඥ මේනක හරන්කහ පැවසුවා.

රාජ්‍ය අමාත්‍යවරියගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද ඊයේ (03) උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here