මධුසමය ගත කර ඉන්දියාවට පැමිණි කෝලි අනුෂ්කා මුලින් ම කරපු දේ මෙන්න

0
3917

ඉන්දියාවෙන් පිටත තම විවාහය සමරපු ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩි නිලි අනුෂ්කා ශර්මා නැවත ඉන්දියාවට පැමිණ තිබේ.

ඉතාලියේ දී පැවති ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය සම්පූර්ණයෙන්ම හින්දු චාරිත්‍රානුකූලව පැවැත් විය.

ඔවුන් දෙසැම්බර් 26 වැනි දා මුම්බායිහි දි බොලිවුඩ් තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙනු සාදයක් පැවැත්වීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.

අනතුරු ව ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බවත් එහි දී දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කෝලි සහභාගීවීමට නියමිත බවත් සඳහන් වේ.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 04 වැනි දා කේප් ටවුන් නුවර දී ආරම්භවන අතර ඒ සතියේදීම අනුෂ්කා ෂර්මා තමන්ගේ ගිවිසුම් අනුව කටයුතු කිරීම සඳහා මුම්බායි බලා පැමිණෙනු ඇතයි වාර්තා වේ.

එසේ ම එම යුවළ ඉන්දියාවට පැමිණි වහා ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි හමුවීමට ගොස් ඇති අතර ඔවුන් එහි ගොස් ඇත්තේ ඔවුන්ගේ ඉන්දියාවේ පවත්වනු ලබන විවාහ උත්සව සාදයට ඔහුට ආරාධනා කිරීම සඳහා ය.

එම හමුව පිළිබඳව නරේන්ද්‍ර සිං මෝඩි ද ෆේස්බුක් ඔස්සේ සඳහන් කර තිබිණ. ඒ අනුව ඔවුන්ගේ ඉන්දියාවේ පවත්වන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා නරේන්ද්‍ර සිං මොඩිවනු ඇත.

එහි දී ඔහු යුවළට සුභ පැතූ අතර ඒ බව දැක්වෙන පණිවිඩය සහ ඡායාරූප පහතින් …

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here