ලක්ෂ 72ක වල්ලාපට්ටා කටුනායක දී අත්අඩංගුවට

0
9

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 26 ක තරුණයන් දෙදෙනෙක් සහ 31 හැවිරිදි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ ය.

ඔවුන් රැගෙන ආ කිලෝ ග්‍රෑම් 82,යි ග්‍රෑම් 550ක් බරැති එම වල්ලාපට්ටා තොගයේ වටිනාකම රුපියල් 72,21,000ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසයි.

එම වල්ලපට්ටා ඩුබායිහී කර්මාන්තශාලාවල සුවඳ විළවුන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවට කරුණු අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here