ජාලිය වික්‍රමසුරියට යළිත් වරෙන්තු

0
7

අමෙරිකානු ඩොලර් 330000 රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට සැක කෙරෙන අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) යළි විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එසේ විවෘත වරෙන්තු නිකුත් කළා ය.

ඊට අමතරව ජාලිය වික්‍රමසූරියගේ ඇපකරුවන් ලෙස ඉදිරිපත්ව සිටින දැනට අධිකරණය මඟ හැර සිටින ඔහුගේ බිරිඳ සහ ඥාති සොයුරිය අත්අඩංගුවට ගැනීම සඳහා ද මහේස්ත්‍රාත්වරිය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබී ය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත මැයි මස 14 වැනි දා කැඳවීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නියම කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here