හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට වරෙන්තු

0
3

සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයට අයත් රුපියල් ලක්‍ෂ 80කට අධික වටිනාකමක්‌ ඇති වාහනයක්‌ අවභාවිත කිරීමේ චෝදනාව එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න ඊයේ (25) වරෙන්තු නිකුත් කළා ය.

සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ දී සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයට ආනයනය කළ රුපියල් අසූලක්‍ෂ 95දහසකට අධික වටිනාකමක්‌ ඇති වාහනයක්‌ සභාපති ධුරයෙන් ඉවත් වූ පසුවත් අවභාවිත කළේ යැයි කියන චෝදනාව යටතේ කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් පවරා තිබු නඩුව ඊයේ කැඳ වූ අවස්‌ථාවේ දී සැකකාර සරණ ගුණවර්ධන අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මහෙස්‌ත්‍රාත්වරිය එලෙස වරෙන්තු නිකුත් කර ඇත.

ඔහුගේ ඇපකරුවන්ට ලබන ජුලි 27 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමටද මහෙස්‌ත්‍රාත්වරිය එහි දී නියෝග කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here