“මාලිංගව ඕනේ” -මුම්බායි ක්‍රිඩකයින් එක හඩින් ඉල්ලූ හැටි

0
3370

Image result for lasith malinga IPL

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග ගැන අරුම පුදුම කියමන් ඊයේ පෙරේදා දිනක පැතිරෙන්නට පටන් ගත්තා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් සහ අනෙකුත් පුහුණුකරුවන්ගේ මුවින්.පන්දු යවන්නන් වන Mitchell McClenaghan, Pradeep Sangwan සහ පන්දු යැවීමේ පුහුණුකරු Shane Bond මෙලෙස ලසිත් මාලිංග පිළිබඳව කතාබහ කළේ.

Mitchell McClenaghan කියා සිටියේ, මට හිතෙන විදිහට මාලිංග තමයි පන්දුවාර විස්ස ක්‍රිකට් වල ඉන්න හොදම පන්දු යවන්නා. ඒ වගේම සැලසුම් කිරීමේදී ඔහු ඉතාමත් කූල්. මාලිංගට ඕනේ හිනාවෙල රිලැක්ස් එකේ ඉන්න.

පන්දු යැවීමේ පුහුණුකරු Shane Bond, මම මාලිංග කටයුතු වැඩකරපු කාලය තුළ හුගක්ම සතුටින් වැඩකළා. මම හිතන්නෙ ඔහු ඉහළ ගෞරවයක් ලැබියයුතු ක්‍රීඩකයෙක් කියලා. ඒ වගේම ඔහු මිනිසුන් සමඟ හොඳ දේවල් බෙදාහදා ගන්නවා.

Pradeep Sangwan, මම ඔහුගෙන් දැක්ක හොදම දේ තමයි පන්දු යවන්නන්ට හොද ඉදිරි දර්ශනයකින් තමයි හැමදේම කියලා දෙන්නේ.

https://www.facebook.com/mumbaiindians/videos/10156184819190429/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here