මුහුදු රළ ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

0
156

හෙට (24) දිනයේ දී මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වාවන මුහුදු ප‍්‍රදේශ වල මුහුදු රළ මීටර් 2.5- 3 ක් පමණ දක්වා ඉහළ යා හැකි නමුත් මෙය සුනාමි තත්ත්වයක් නොවන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් පවසයි.

මේ හේතුවෙන් ධීවර කටයුතුවල නිරතවන්නේ නම් ඔවුන් දැඩි ලෙස විමසිලිමත් විය යුතතු බවත්, හැකි තරම් මුහුදු යාමෙන් වැළකී සිටීම සුදුසු බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බැවින් වෙරළ ආශ‍්‍රිතව සිටීම ද සුදුසු නොවන බව ඔහු ප‍්‍රකාශ කරයි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප‍්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද ඔහු පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here