හෙටින් පසු කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

0
20

හෙට (25) දිනයෙන් පසු පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනස්වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, බස්නාහිර, වයඹ, ඌව, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට අද (24)දිනයේත් වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වාවන මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.5ත්, 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතින බව ද ඔවුන් කියා සිටී.

මේ අතර, මාවරල – මාකඳුර ප්‍රදේශයේ දී අකුණුසැර වැදීමෙන් ඊයේ රාත්‍රියේ නිවසක ගින්නක් හටගෙන තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී නිවැසියන් කිසිවෙකු එහි සිට නොමැති බවට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here