පාසල් නිවාඩුවේ ඥාතී නිවසක නතර වූ දැරියකට සිදු වූ දේ

0
13

මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුවියක් අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනයේ කෝපායි පොලීසිය පවසයි.

මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ තුන්වන පටුමගේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියක් යාපනයේ කල්වියන්කාඩු පළාතේ ඥාතී නිවසකට ගොස් සිටිය දී අතුරුදන් ව ඇති බවට වාර්තා වේ.

එලෙස අතුරුදහන් වී ඇත්තේ ශිවනේෂන් කස්තුරි නමැති සිසුවියකි.

එම සිසුවිය ඉකුත් 18 වැනි දා අලුත් අවුරුද්ද වෙනුවෙන් ඥාතීන් සමග මුලතිව් සිට යාපනයට පැමිණ ඇති අතර පාසල් නිවාඩු නිසා ඇය ඥාතී නිවසේ නතර වී තිබේ.

එසේ සිටින අතර තුර 22 වැනි දා පස්වරුවේ සිට එම දැරිය අතුරුදහන් බවට යාපනයේ කල්වියන්කාඩු නිවසේ උදවිය කෝපායි පොලීසියට පැමිණිලි කර තිබේ.

කෝපායි පොලීසිය මේ පිළිබඳව මුලතිව් මුල්ලියාවලෙයි පොලීසියට ද දැනුම් දී ඇති අතර සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here