කාන්තාවක් නිදා සිටි ඇඳේ මදුරු දැල ඉවත් කරන්න ගිය පුද්ගලයාට සිදු වූ දේ

0
24

ඔක්කම්පිටිය, මාලිගාවිල නියදැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තම නිවසේ දරුවන් සමග නිදාගෙන සිටිය දී නිවසට ඇතුළු වී ඔවුන් නිදාසිටි ඇඳේ මදුරු දැල ඉවත් කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාලිගාවිල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

අදාල පුද්ගලයා ඉකුත් 29 වැනි දා රාත්‍රී 10.11 ට පමණ නිවසට ඇතුළු වී කාන්තාව සහ දරුවන් නිදා සිටි ඇඳේ මදුරු දැල ඉවත් කිරීමට ගිය අවස්ථාවේ කාන්තාව අව දි වී තිබේ.

එම අවස්ථාවේ කාන්තාව විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here