තරගයේ පරාජයට හේතුව තිසර කියයි

0
339

Related image

මැදපෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් නිදහස් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දිය කණ්ඩායම සමග ඊයේ පැවති තරගය පරාජයට පත් වූ බව ශී‍්‍ර ලංකා නායක තිසර පෙරේරා පවසයි.

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

මෙම තරගයේ දී කණ්ඩායමේ අඩුපාඩු තිබු බවත් තමා ද මුලින් පන්දුවට සාර්ථකව පහර දුන්න ද පසුව එහි අඩුපාඩුවක් ඇති වු බවත් ඔහු කියා සිටී

තමා කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රීඩා කළ ද පිට පිට කඩුළු කිහිපයක් දැවී යාම තරගය පරාජය වීමට හේතු වූ බවද ඔහු කියා සිටී.

තරගය පරාජ වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැකිවිය නොහැකි බවත් ඉදිරි තරගය ජයග්‍රහණය කිරිම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවද ශී‍්‍ර ලංකා නායක තිසර පෙරේරා වැඩිදුටත් පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here