යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සැමියා ඉදිරියේ බිරිඳ මිය යයි

0
42

යාපනය, මීසාලේ ප්‍රදේශයේ දී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදියේ පිටුපස ගමන් කළ කාන්තාවක් සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

යතුරුපැදිය ධාවනය කළ මියගිය කාන්තාවගේ සැමියා බරපතල ලෙස තුවාල ලබා යාපනය රෝහලට අතුළත් කර ඇති බව වාර්තා වේ.

ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේ දී චාවකච්චේරිය ප්‍රදේශයේ සිට පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරු සිදු ව ඇති බව යාපනය පොලීසිය පවසයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක්වන අතර ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here