වන අලි ප්‍රහාරයකින් වන ජීවි නිලධාරියෙකු මියයයි

0
3

වන අලි ප්‍රහාරයකින් වනජීවි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

ගිරාඳුරුකෝට්ටේ, විරානගම ප්‍රදේශයේ දී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

විරානගම ප්‍රදේශයට වන අලි ගම්වැදී ඇති බවට ගම්වාසීන් සිදුකළ දැනුම්දීමකට අනුව වනජීවී නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට පැමිණ තිබේ.

වන අලි පලවාහැරිමේ නිරතව සිටි වනජීවී නිලධාරියෙකුට එලෙස වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇත.

මහවැලි ගඟට යාබද රක්ෂිතය ආසන්නයේ දී ඊයේ(19) පස්වරුවේ එය සිදු වී ඇත. එලෙස මිය ගොස් ඇත්තේ වසන්ත උදයසිරි නැමැති 53 හැවිරිදි පදියතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි වන ආරක්ෂක නිලධාරියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here