දිවයින වටා මුහුදේ සුළගේ වේගය ඉහළට

0
1

අද සිට දිවයිනේ උතුර, උතුරුමැද සහ ඌව පළාත්වල තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුර සහ මන්නාරම් බොක්ක ප්‍රදේශවල පැයට කිලෝමීටර 60ත් 70ත් අතර තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාවන මුහුදු ප්‍රදේශ ද රළු හෝ ඉතා රළු ස්වභාවයක් ගනු ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here