වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මියයයි

0
5

වන අලියෙකු පහර දීමෙන් බරපතළ ලෙස තුවාල වූ කාන්තාවක් ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

අද (29) අළුයම මෙම වන අලි ප්‍රහාරය එල්ල වි ඇති බව පොලීසිය පවසයි.

වන අලියා පහර දීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය, කන්දෙයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවක්.

අළුයම අවදි වී නිවසේ වැඩ කටයුතු ආරම්භ කර ආහාර පිසීම සඳහා සූදානම්වන අවාස්ථාවේ දි මෙම කාන්තාවට වන අලියා පහර දි ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වෙන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here