ICC Women’s Emerging Nations Trophy 2026
ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ 2 වැනි තරගය ද පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
ඔවුන් වෙතින් පරාජයට පත් අලුත් ම කණ්ඩායම වූයේ නෙදර්ලන්ත කණ්ඩායමයි. ඔවුන්ට එරෙහි ව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුපිරි 6 වටයත් ජයග්‍රහණයකින් ආරම්භ කරයි
ශ්‍රී ලංකාව මෙම තරගය හා එක් වෙන්නේ පෙර තරගයට එක් වූ කණ්ඩායම ම එක් කර ගනිමිනුයි.
Sterre Kalis (නායිකාව), Phebe Molkenboer, Sanya Khurana, Frederique Overdijk, Carlijn van Koolwijk, Robine Rijke, Iris Zwilling, Rosalie Ann Lawrence (කඩුලු රකින්නිය), Myrthe van den Raad, Silver Siegers සහ Caroline de Lange.
ජයග්‍රාහී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 13 දී දැවී ගිය ද එතැන් සිට කිසිඳු කඩුල්ලක් ලබා නොදෙමින් තරගය අවසන් කිරීමට විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම සමත් වෙනවා.
ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 45ක්. ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු 28ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම ක්‍රීඩිකාව වූ ඉමේෂා දුලානි ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි. පන්දු 7ක දී හතරේ පහරක් සමඟින් එක් වූ එම කඩුල්ලේ හිමිකාරීත්වය Iris Zwilling සතු වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Sterre Kalis . ඇය පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 8කට කඩුලු 2ක් ද සහ නිමේෂා මීපගේ ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව සත්‍යා සංදීපනී සහ චේතනා විමුක්ති කඩුල්ල බැගින් දවා ගත්තා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
තරගයේ වීරයා – කවීෂා දිල්හාරි (ශ්‍රී ලංකාව)
තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය අද ( 23) පාකිස්තානය සමඟින් Ajman හි Karwan ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
ThePapare is a comprehensive and interactive hub for news on Sri Lankan national, club and school sports.
Speak to the editor: [email protected] Technical Support: [email protected] Contact us: [email protected]
© Copyright 2026 - ThePapare Powered by Dialog
Loading comments…